Monday, January 18, 2021

කුප්පමේණියා Acalypha indica

 සිංහල නාමය: කමනීය

විවහාර නාමය: අරිට්ට මන්ජරී

දෙමළ නාමය: කුප්පමේනි

ඉංග්‍රීසි නාමය: Indian Acalpha
වියලි දේශගුණය සහිත කලාපවල වැඩි වශයෙන් දැකිය හැකි අතර ඉතා ඉහල ගුණ සහිත ඔසුවකි. කොලපාට මල් හටගන්නා කුප්පමේනියා ඒක ලිංගික ශාකයකි. ප්රමාංගි හා ජයාංගි පුෂ්ප දෙවර්ගයම එකම ගසක දැකිය හැකී එමෙන්ම වසර පුරාවටම මල් හටගනී.
මෙහි අඩංගු පෝෂ්ය පදාර්තයන් නම් ප්රෝටීන් , කාබෝහයිඩ්රේට් , කැල්සියම් , මේදය , තන්තු , පොස්පරස් , යකඩ , විටමින් C ප්රධාන වෙයි.
ඔසු පිණිස නම් මුත්රාසයේ රෝග , චර්ම රෝග , මලබද්දය , ස්නායු පද්දතියේ රෝග , කැස්ස , ඇදුම , උණ , දතේ කැක්කුම , කනේ කැක්කුම , ඉරුවාරදය , සන්දි ඉදිමීම , සෙම් ගෙඩි , පණු රෝග , වාත රෝග , පිලිස්සුම් තුවාල , නින්ද නොයෑම ආදී රෝග ගණනාවකට කුප්පමේනියා ශාකයෙන් සුවය ලබාගන්න පුලුවන් වෙයි.


මෙය මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීමට හැකි අතර ලෙඩ රෝග ගනනාවකින් බේරීමට එ අනුව හැකියාව ඇත.
කුප්පමේනියා කොල ඇල්දියෙන් අඹරා යටිබඩේ ආලේප කිරීමෙන් මුත්රා අඩස්සිය නැති වේ.
ආඩතෝඩ කොල, මිංචි කොල, කොත්තමල්ලි කොල සහ කුප්පමේනියා කොල වේලා කුඩුකර තේ, කෝපි වෙනුවට පානය කල හැකිය.
විශේශයෙන්ම බළල් කුලයට අයත් සියලුම සතුන් මෙමෙ ශාකයට ඉමහත් කැමැත්තක් දක්වයි. මෙම සතුන්ට බඩේ අමාරුවක් සෑදුන විට මෙම ගසක් ගලවා ආහාරයට ගැනීම සිරිතකි. එටින් උන්ගේ අසනීපය සුව අතට හැරේ.
මෙම ශාකයට මෙම සතුන් ආකර්ශනය වීමට ප්රදානම හේතුව වන්නේ එයින් නිකුත්වෙන ගන්දයයි. එම ගන්දය මෙම සතුන්ට මීටර් 50ක් පමන දුරකට දැනේ. මෙයින් නිකුත් වෙන්නේ “ෆ්රාන්ස් ලෙක්ටා ලැක්ටෝන්” කියන රසායන ද්‍රව්‍යයයි.
මෙය ඉතාම වටිනා ශාකයක් වන අතර අපගේ නිවස්වල ගෙවත්තෙ බහුලව දැකිය හැකි ශාකයකි.

0 comments:

Post a Comment