Friday, January 29, 2021

පළමු සිතියම ඇන්දේ කවදාද?

 මීට වසර 5500 කට පමණ පෙර මිනිසුන් ලිඛිත භාෂාව භාවිතා කිරීමට පෙර පවා  සිතියම් සාදා ඇත. සිතියමක් යනු ප්‍රදේශයක් නිරූපණය කිරීමට හෝ ප්‍රදේශයේ විශේෂාංග තේරුම් ගැනීමට මිනිසුන්ට උපකාර වන ආකාරයක් නිරූපණය කරන රූපයකි. බොහෝ සිතියම් පෘථිවියේ ස්ථාන හෝ තත්වයන් පෙන්වයි. සිතියම් මගින් වෙනත් ග්‍රහලෝක, චන්ද්‍රයා හෝ අභ්‍යවකාශයේ තාරකා පිහිටීම නිරූපණය කළ හැකිය. මිනිසුන් ලෝකය ගවේෂණය කර සිතියම් ඇදීම සඳහා හොඳ ක්‍රම දියුණු කළ නිසා සියවස් ගණනාවක් පුරා අදින ලද සිතියම් නිවැරිදිව නිර්මානය කර ඇත. විසිවන සියවසේදී මිනිසුන් පෘථිවිය සහ අනෙකුත් ග්‍රහලොක නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් යානා සහ අභ්‍යවකාශ යානා භාවිතා කිරීමට පටන් ගත්හ. මෙම නිරීක්ෂණ මගින් වෙන කවරදාටත් වඩා නිවැරදි සිතියම් නිර්මාණය කිරීමට මිනිසාට  හැකි විය. 20 වන ශතවර්ෂයේ අගභාගයේදී, සිතියම් ශිල්පීන් පරිගණක භාවිතා කරමින් බොහෝ සිතියම් සාදන ලදී.



Monday, January 18, 2021

කුප්පමේණියා Acalypha indica

 සිංහල නාමය: කමනීය

විවහාර නාමය: අරිට්ට මන්ජරී

දෙමළ නාමය: කුප්පමේනි

ඉංග්‍රීසි නාමය: Indian Acalpha
වියලි දේශගුණය සහිත කලාපවල වැඩි වශයෙන් දැකිය හැකි අතර ඉතා ඉහල ගුණ සහිත ඔසුවකි. කොලපාට මල් හටගන්නා කුප්පමේනියා ඒක ලිංගික ශාකයකි. ප්රමාංගි හා ජයාංගි පුෂ්ප දෙවර්ගයම එකම ගසක දැකිය හැකී එමෙන්ම වසර පුරාවටම මල් හටගනී.
මෙහි අඩංගු පෝෂ්ය පදාර්තයන් නම් ප්රෝටීන් , කාබෝහයිඩ්රේට් , කැල්සියම් , මේදය , තන්තු , පොස්පරස් , යකඩ , විටමින් C ප්රධාන වෙයි.
ඔසු පිණිස නම් මුත්රාසයේ රෝග , චර්ම රෝග , මලබද්දය , ස්නායු පද්දතියේ රෝග , කැස්ස , ඇදුම , උණ , දතේ කැක්කුම , කනේ කැක්කුම , ඉරුවාරදය , සන්දි ඉදිමීම , සෙම් ගෙඩි , පණු රෝග , වාත රෝග , පිලිස්සුම් තුවාල , නින්ද නොයෑම ආදී රෝග ගණනාවකට කුප්පමේනියා ශාකයෙන් සුවය ලබාගන්න පුලුවන් වෙයි.


මෙය මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීමට හැකි අතර ලෙඩ රෝග ගනනාවකින් බේරීමට එ අනුව හැකියාව ඇත.
කුප්පමේනියා කොල ඇල්දියෙන් අඹරා යටිබඩේ ආලේප කිරීමෙන් මුත්රා අඩස්සිය නැති වේ.
ආඩතෝඩ කොල, මිංචි කොල, කොත්තමල්ලි කොල සහ කුප්පමේනියා කොල වේලා කුඩුකර තේ, කෝපි වෙනුවට පානය කල හැකිය.
විශේශයෙන්ම බළල් කුලයට අයත් සියලුම සතුන් මෙමෙ ශාකයට ඉමහත් කැමැත්තක් දක්වයි. මෙම සතුන්ට බඩේ අමාරුවක් සෑදුන විට මෙම ගසක් ගලවා ආහාරයට ගැනීම සිරිතකි. එටින් උන්ගේ අසනීපය සුව අතට හැරේ.
මෙම ශාකයට මෙම සතුන් ආකර්ශනය වීමට ප්රදානම හේතුව වන්නේ එයින් නිකුත්වෙන ගන්දයයි. එම ගන්දය මෙම සතුන්ට මීටර් 50ක් පමන දුරකට දැනේ. මෙයින් නිකුත් වෙන්නේ “ෆ්රාන්ස් ලෙක්ටා ලැක්ටෝන්” කියන රසායන ද්‍රව්‍යයයි.
මෙය ඉතාම වටිනා ශාකයක් වන අතර අපගේ නිවස්වල ගෙවත්තෙ බහුලව දැකිය හැකි ශාකයකි.

Saturday, January 16, 2021

නව හන්දි

 අද ඉදන් අළුත් මාතෘකා කිහිපයක් යටතේ නැවුම් ලිපි කිහිපයක් ඉදිරිපත් කිරිමට බලා පොරොත්තු වෙමි.ඒ අනුව එහි මුල්ම ලිපි පෙල ලෙස අපේ ඔසු පැල හදුන්වා දීමට බලා පොරොත්තු වනවා.

අපේ ඔසු පැල ගැන ලියවෙන මුල්ම ලිපියෙන් නව හන්දි ශාකය ගැන හදුනා ගනිමු.

නව හන්දි ශාකය දිය සීරාව ඇති ගල් පර්වත වල හා විශාල ගස්වල හැදෙමින් පහලට එල්ලා වැටෙන ශාකයක් වේ.පදුරු සහිත ශාකයක් වන මෙය මාංශල ගතියෙන් යුන්ත වේ. ඇතමුන් මුවා කිරිය ශාකය සමඟ නව හන්දි ශාකය පටලවා ගනී.එම නිසා නව හන්දි ශාකය නිවැරදිව හදුනා ගැනීමට පහත විඩියොව නරබන්න.


ය වාපිත් රෝග,සංක්‍රමණික රෝග,ජල භිතිකා, ශාරිරික දුර්වලතාවයන්,මානසික රෝග, කැඩුම් බිදුම්,අස්ථි ප්‍රදාහ,කැස්ස, ඇදුම,අහාර අරුචිය,අජීර්ණය, හෘද රෝග, අක්මා රෝග වැනි රෝග රැසකට මෙම නව හන්දි ශාකය  දේශිය වෛද්‍ය ක්‍රමයදි යොදා ගනී.

නැවතත් පටන් ගනීමු

 මොකක්ද මේ නැවතත් පටන් ගන්නේ.

වෙන මොනවත් නෙවේ.

ඔබට දැනුම දෙන්න

බ්ලොග් එකක්

කියවන්න කැමති

දැනුම සොයන සැමට

හරවත්, රසවත් ලිපි සමුහයක් සමගින්

අලුත් බ්ලෝග් එකක්

එන්න, කියවන්න, දැනගන්න

අලුත් ලෝකේට..