Monday, December 11, 2017

සාමාන්‍ය දැනීම - 03


28.වියට්නාමයේ වර්තමාන පාලකයා? Trương Tấn Sang

29. වියට්නාමයේ අගනුවර? Hanoi

30.දේශපාලන අර්බුදයට මැදි වී සිටින අග්නිදිග ආසියාතික රට කුමක්දතායිලන්තය (අගනුවර බැoකොක්)

31.තායිලන්තය හදුන්වන අන්වර්ථ නාමය කුමක්දසුදු ඇතා ගේ දේශය සහ "The Land of Smiles" ලෙසද හැදින්වේ.

32. ලෝකයේ ප්‍රබල ත්‍රස්තවාදී සංවිධාන 10ක් ලියන්න.

IS : ඉරාකය , FARC : කොලොම්බියාවබොකොහරාම්: නයිජීරියාවඅල් කයිඩා : ඇෆ්ගනිස්ථානයතලෙඉබාන්: ඇෆ්ගනිස්ථානය
හමාස් : පලස්තීනයමාවෝ : නේපාලයහූථි : යේමනය ශාන්ති බහිනී : ඉන්දියාව/ බංග්ලාදේශය, ETA : Spain, අල් ශේබාබ් :සෝමාලියාව
අල් නස්රා (al-Nusra): සිරියාවඋයිහර් (Uyghurs): චීනය ,ටෙලෝ :දකුණු ඉන්දියාව.

33. දකුණු ඇමෙරිකානු කලාපයේ ක්‍රියාත්මක වන ප්‍රදානත්ම ත්‍රස්තවාදී සංවිධානය ? FARC

34 FARC ක්‍රියාත්මක වන රට?කොලොම්බියාව,(අගනුවර බොගෝටාජනපති : ජුවාන් මැනුඑල් සැන්ටොස්)

35. North Spain සහ බටහිර ප්‍රංශය අතර ජීවත්වන ජනකොටස් හැදින්වෙන නම කුමක්දබාස්ක් (Basques)

36. ඔවුන් විසින් වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් වදින අතරඒ සඳහා ඔවුන් පිහිටුවාගෙන ඇති ත්‍රස්තවාදී සංවිධානය ? ETA (Euskadi Ta
Askatasuna:"Basque Country and Freedom")

37. ඉරාකයේ වැඩි කොටසක් ජීවත් වන මුස්ලිම්වරුන් හැඳින්වෙන නම කුමක්දෂියා

38. උතුරුදිග ඉරාකයේ ක්‍රියාත්මක වන ප්‍රදානතම ත්‍රස්තවාදී සංවිධානය ? IS

39. ඉරානයේ සිටි ආධ්‍යාත්මික නායකයා කව්ද? අයතුල්ලා සයියෙඩ් කොමේනි(Ayatollah Sayyid Khomeini) (මොහුගේ මරණින් පසු සයියෙඩ් අලි හුසේනි ඛාමෙනි (Sayyed Ali Hosseini Khamenei පත්විය.)

40. මතභේදයන්ට තුඩු දී ඇති ෆොඩෝ (Fordow) න්‍යෂ්ටික බලාගාරය[ Fordow Fuel Enrichment Plant (FFEP)]ඉදි කෙරෙන්නේ කොහිද?
ඉරානයේක්වොම් නගරයේ .

41. උතුරු කොරියාවේ වත්මන් පාලකයා කව්දකිම් ජොන්ග් උන් (Kim Jong-un)

42. එරටේ න්‍යෂ්ටික විද්‍යා පර්යේෂණ මද්‍යස්ථානය පිහිට ඇත්තේ කොහිදන්යෝන් බ්යෝන්ග් හි .(Nyongbyon)

43. උතුරු කොරියාව හා දකුණු කොරියාව ඒකාබද්දව ක්‍රියාත්මක කරන කාර්මික කලාපය හඳුන්වන නම කුමක්ද?කේසොන්ග් කාර්මික කලාපය(Kaesong industrial park)

44. මෑතකදී මියගිය වෙනිසියුලා ජනපතිවරයා කව්දහියුගෝ චාවේස්

45. චීනයේ පාලනය යටතේ පවතින සෙසු රාජ්‍යන් මොනවාදහොං කොං තායිවානයටිබෙට්

46. එකම රටක් තුලආණ්ඩු ක්‍රම 2ක් ක්‍රියාත්මක වන රට? චීනය. මෙහිදේශපාලන ක්‍රමය සමාජවාදී වන අතරආර්ථිකය ධනවාදී (ලිබරල්)වේ. නොහොත් අන්තර්ජාතික දේශපාලන ආර්ථිකයක් (IPE : International Political Economy )ඇති රටකි.

47. දියාගෝ ගර්ෂියා (Diego Garcia)දුපත පිහිටියේ කොහේද ඉන්දියන් සාගරයේ මෙය එංගලන්තය විසින් ඇමරිකාවට බදු දී ඇත.

48. ඔකිනාවා දුපත අයත් රටජපානය

49. ජපානය සහ ඇමරිකාව ඒ සම්බන්දයෙන් හටගෙන ඇති මතභේදය කුමක්ද? එහි තිබෙන ඇමරිකානු යුධ කඳවුර ඇමරිකාව විසින් ඉවත් කර නොගැනීම.

50. කච්චතිව් දිවයින සම්බන්දයෙන් මතභේද හටගෙන ඇති රටවල් දෙකලංකාව සහ ඉන්දියාව.

51. කච්චතිව් දිවයින නිල වශයෙන් ලංකාවට පවරදුන්නේ කිනම් වසරේදීද? 1987, සිරිමා - ශාස්ත්‍රී ගිවිසුමෙනි

නාස්තිකාර පුතාගේ රාජකිය සපත්තුව



හ්ම් කොහොමද...මට හිතුවා දුක දිනා ජිවිතය ජයගත්තු මිනිසුන් කිහිප දෙනෙක් පිළිබද ලිපි පෙලක් ලියන්න.චන්දුසිරි දොඩම්ගොඩ නම් පුවිණ ලේඛකයා මිට වසර කිහිපයකට පෙර දිවයින ඉරිදා දිවයින සංගරහයේ දුක දිනා ජයගත් හපන්නු නැමැති ලිපි පෙලෙන් ලිපි කිහිපයන් පල කරන්න.


මේක ඒක්තරා අන්දමක අපුරැ කතාවක්. අද මේ කතා කරන්න හදන්නේ ගීගී සපත්තු ගැනැයි.බොහෝ දෙනෙක් හිතන්නේ ගීගී කියන්නේ ඉංගීසි නමක් විදිහටයි.නමුත් ගීගී කියන්නේ සිංහල වචනයක්.


එක්තරා දවසක සපත්තු හදන මිනිසෙක් තමන්ගේ භාර්යාවගෙන් මෙහෙම ඇහුවා.

අපි හදන සපත්තු වලට ගිගිරි කියල නම තියමුද?

බිරිද කල්පනා කරා

ගිගිරි කියන නම සපත්තු වලට නමි හරි නෑ.රි යන්න අයින් කරල ගීගී කියල විතරක් ගනිමුද?

අන්න ඒ නම ලස්සනයි.ගිගී කියනකොට අමුතු හඩක් නැගෙනවා.

බිරිද ගිගී නම අනුමත කළා.





GiGi හෙවත් ගිගී සපත්තු සෙරෙප්පුවල නම බිහිවුණේ එහෙමයි.අද වන විට ගිගී සෙරෙප්පු ජර්මනියටත් අපනයනය කරන තරමට දියුනුයි.

නමුත් ගගී සපත්තු බිහිවුනේ ඉතාම නාස්තිකාර පුතෙකුගේ දෑතින් බව කිවහොත් ඔබ පුදුම වෙයි.ඇත්ත කතාව එයයි.

සරත් පද්මලාල් කියන්නේ කොළඔ දෙමටගොඩ ඉපදුනු ලමයෙක්ග තාත්තා පවුල ජිවත් කරේ සිල්ලර කඩේකින්.සරත් පද්මලාල් ඉස්කොල ගියේ දෙමටගොඩ මැතිව් විද්‍යලයට.

උදේ 5.30 ට සිල්ලර කඩේ අරින්නේ සරත් පද්මලාල්.තාත්ත කඩේට එන්නේ හය හමාරට. ඒ පැය ඇතුලත සිදුවන ලෙදාමෙන් ලැබෙන සල්ලි ටික පුතා සාක්කුවේ දාගෙන ඉස්කොලේ යනවා.මේ පුතාට යාලුවො බොහෝමයි. මොකද සාක්කුවේ සල්ලි තියෙනවානේග ඉගෙන ගන්නවාට වඩා පුතා කලේ වියදම් කරන ඒක.සරත් නාස්තිකාර පුතෙක් බවට පත් වුනා.අත දිග ඇරලා වියදම් කරන නිසා ගෙදරට නාස්තිකාර පුතෙක් වුනත් යාලුවන්ට දෙවියෙක්.

සරත් පද්මලාල් ගේ කඩේ පිටිපස්සේ සපත්තු හදන වැඩපලක් තිබ්බා.සපත්තු හදන අඩි විදිහ පටි හදන විදිහ අලවන හැටි ඇන ගහන හැටි මේ ඔක්කොම දේවල් නිරන්තර සපත්තු හදන වැඩ පලේ ගැවසෙන හින්ද සරත්ට පුලුවන් වුනා.

එයා කල්පනා කරා එක පාරටම පොහොසත් වෙන්න.එක පාරටම සපත්තුවැඩපලක අයිතිකාරයෙක් වෙන්න.සරත් යාලුවන්ගෙන් නෑදැයන්ගෙන් සල්ලි එකතු කරල රැ1600.00 හොයා ගත්ත.හරි ගියහම කාගෙත් සල්ලි ගෙවන්න හිතාන.

රැ1600.00 න් දැම්ම සපත්තු වැඩපලක්. මිනිස්සුන්ට දවස් කුලියට පඩි දිල මැහැව්වා සපත්තු.ඒ සපත්තු පෙට්ටියක දාගෙන ගිහින් කඩ වලට දුන්නා.නමුත් කඩ වලින් සල්ලි ආපහු ලැබුනේ නෑ.හෙට දෙන්නම් අනිද්ද දෙන්නම් කිව්ව විතරයි. සපත්තු වැඩපල පටන්ගත්තු තැනම නැවතුනා.1600 වතුරේ ගියා.මේ සංගෙඩිය වෙනකොට මේ නාස්තිකාර පුතාගේ වයස පහලොවයි.ඉස්කොලෙත් යනවා.

ශාන්ත මැතිව් විද්‍යලයෙන් ඉවත් වුණු සරත් පද්මලාල් ඊලගට ගියේ කොළඹ ඇලෙන්සැන්ඩා විද්‍යලයට.ලංකාවේ හිටිය හොදම පොසත්තුන්ගේ පුත්තු මේ දවස්වල මෙහි ඉගෙන ගන්නවා.සරත් වැටුනා මේ ගැන්සියට.සල්ලිකාර පුත්තු අතරේ සරතුත් අත පය දිග ඇරලා වියදම් කරා.තාත්තාගේ කඩේ ආදායම ඔක්කොම ගියේ පුතා අතට.

සරත් ඉලගට ගියේ කාර්මික විද්‍යලයට. කාර්මික පාඨමාලාවක් හදාරන්න. ඔහු ශිෂ්‍ය සංගමයේ සභාපති වුනා.ඔහු ස්ටුයික් එකක් මෙහෙයෙව්වා.සභාපති සරත් කාර්මික විද්‍යලායන් දොටිට විසි වුනා.

සරත් පද්මලාල් දැන් නිකම්ම නිකන් තරැණයෙක්. රස්සාවකුත් නෑ.සල්ලිත් නෑ. ඉගෙනිමකුත් නෑ.වයස 17යි.නාස්තිකාර පුතා දැන් හිස් අතින් බලන් ඉන්නා.පාසලේ සල්ලිකාර ගැන්සියේ යාලුවන්ට තාත්තලාගේ දැවැන්ත ව්‍යපාර වල අධ්‍යක්ෂකම් ලැබුනා.සරත් පද්මලාල් ට මොකුත් නෑ.

ආයෙත් ගිහින් ඉගෙන ගනින්.....

තාත්තා කිව්වා..තරැනයා ආයේ ඉගෙන ගන්න ගියේ නෑ.

මම තනියෙම ජිවිතය පටන් ගන්නවා.සපත්තු සෙරෙප්පු වලින්ම.ඔහු එහෙම තින්දු කළා..

17 හැවරිදි සරත් පද්මලාල් දවසට රැපියල් පහේ පඩියට සපත්තු වැඩපලක වැඩ පටන් ගත්තා.ඒක හරිම දුෂ්කර ජිවිතයක්.අතට පයට හයට හතරට අතට සල්ලි වියදම් කරපු තරැණයා දැන් සිගරටි එකක්වත් බොන්නේ නෑ.මුන පුරාම රැවුල වැවිල.

අනුන්ගේ වැඩ පලක සරත් කුලියට සපත්තු හදමින් සිටිද්දි ඔහු සමග ඉගෙන ගත් ගැහැනු ලමයෙකු විවාපත් වි සපත්තු මුදලාලි දකින්නට මේ නිවසට පැමිනියාය.සරත් ලැජ්ජානේ ඉහ වහ ගියේය.තවත් දවසක සරත් සපත්තු හදමින් සිටිනු ඔහුගේ පාසල් වියේ ධනවත් සගයෙකු දුටුවාය

ඇයි උබ ඔහොම දුක් විදින්නේ වරෙන් මම රස්සාවක් දෙන්නම් කිවාය.එහෙත් ඔහු එයට නොගියාය.

ඔහු අතිරේක වියදම් කපා හැර දවසට ලැබෙන රැ 5.00 පඩියෙන් වැඩි කොටසක් ඉතුරැ කරාය.අන්තිමේට ඔහු රැ500.00 ඉතුරැ කරාය.

සරත් තමන්ගේ අතේ තිබුණු ඔරලොසුව රැ100.00 කට වික්කා.ඉතිරි කරගත් රැ500.00 මේ 100.00 යි ඔක්කොම 600.00යි.

මම මගේ කියල සපත්තු වැඩ පලක් පටන් ගන්නවා

සරත් දෙවෙනි වතාටත් රැ600.00 කින්වැඩපලක් පටන් අයිතිකරැ හා බඩු හදන්නා දෙදෙනාම ඔහුයි.නිවසේ පිටිපස්සේ ඉබිම එලාගත් හම් කඩයක වාඩි වු 19 හැවරදි තරැණයා බැලු වෙලාවක් ඇත්නමි මිටියයි අඩුයි ගම් බොතලයයි කතුරයි තියාන සෙරෙප්පු හදවා.

ඔහුගේ යාලුවෝ වැඩ ඇරි ඇවිත් කා බී රෙඩියෝ අසා නින්දට යද්දිත් සරත් වැඩ.යාලුවන් උදේ නැගිටි මුහුණ සොදන විටත් ඔහු වැඩ.

උබ නිදාගන්නේම නැද්ද.

මිතුරන් ඇසුවේ විහිලුවට නොව ඇත්තටමය.

ඔහු හැදු සපත්තු කඩ වලට අරන් ගියේ පෙට්ටියක දාගෙන බස් එකේ. සපත්තු කඩ අයිතිකාරයෝ මේ තරැණයා කඩේ ඇතුලට ගත්තේ කඩේ වහන්න කිටිටුව.


ඔහු පැය ගනන් කඩේ ඉස්සරහ සපත්තු පෙට්ටිය තියාගෙන බලන් ඉන්නවා.ඔහු ඉතිරි කිරිම වගේම ඉවසිම ඉගෙන ගත්තා.දිනෙන් දින සපත්තු කඩ කාරයෝ ඔහුගෙන් ගන්නා සපත්තු පුමාණය වැඩි කරා. ඒ සමගම සරත් සමග වැඩ කරනා මිනිසුන් ගණන වැඩි කරා.

ඊලගට මොටර් සයිකලයක් ගත්තා.ලංකාවේ පුධාන පේලේ සම් භාණ්ඩ ආයතනයකට පූධාන සැපයුම් කරැවා වුනා.නමුත් ඔහු දිව්වේ හෙමින්.

දැන් සපත්තු වැඩපල පොඩියිගඔහු පැලියගොඩින් ඉඩමක් අරන් බැංකු ණයක් අරං හැදුවා ලොකු වැඩපලක්

මේ අතරේ මනාලියකට පාවහන් හදන්න මනාලියත් ඇගේ යෙහෙලියත් සරත් මුන ගැහෙන්න අවා.යෙහෙලිය ගුරැවරියක්. ගම උඩ රට පැත්තේ සරත් අර යෙහෙලියව කසාද බැන්දා.

දැන් සපත්තු වලට නමක් දාන්න ඔන

අපි ගිගිරි කියල දාමුද

සරත් බිරිදගෙන් ඇහැව්වා

බිරිද කල්පනා කරා

ගිගිරි කියන නම සපත්තු වලට නමි හරි නෑ.රි යන්න අයින් කරල ගීගී කියල විතරක් ගනිමුද?

ගීගී

ඒ නම ලස්සනයි.දිවටත් ලේසියි ගිගී නම බිහිවුනේ එහෙමයි........................................

Thursday, December 7, 2017

සාමාන්‍ය දැනීම - 02

මම මෙම ලිපි පෙල මගින් බලාපොරොත්තු වනවා අපගේ සමාන්‍ය දැනුම වර්ධනය කරගැනිමට අවශ්‍යවන තොරතුරැ ලබාදිමට

26.ශ්‍රී ලංකාවේ ජලාශ

වික්ටොරියා ජලාශය                  මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත
කොත්මලේ ජලාශය                  නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත
රන්දෙනිගල ජලාශය                  මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත
කාසල් රී ජලාශය                       විමලසුරේන්ද්‍ර ඉලවිදුලි බලාගාරය පිහිටා ඇත්තේ මේ ජලාශයට සම්බන්ධවයි
මාඋස්සාකැලේ ජලාශය             මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත
රන්ටැබේ ජලාශය                      මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත

27.ශ්‍රී ලංකාවේ ගංගා


ගග                     ආරම්භක ස්ථානය                මුහුදට වැටෙන ස්ථානය          දිග (සැතපුම්)

මහවැලි ගග          ශ්‍රීපාද අඩවිය                            ත්‍රිකුණාමලය                            206
මල්වතු ඔය           දබුල්ල                                    කල්පිටියට උතුරින්                  104
කලා ඔය               ඕමොරගොල්ල කදු                 කල්පිටියට උතුරින්                  97
යාන් ඔය               සිගිරි කදුවැටිය                        පුල්මුඩෙයි                               94
කැළණි ගග            සමනල කන්ද                         කොළඔ                                  90
වලවේ ගග              සමනල කන්ද                        අම්බලන්තොට                        83
මැණික් ගග             නමුණුකුල කදු                        යාල                                         81
කළු ගග                  සමනල කන්ද                         කලුතර                                    70
නිල්වලා ගග            රන්වාන කදු                           මාතර                                      46
ගිං ගග                     කබරගල කදු                          ගාල්ල                                     70
දැදුරඅ ඔය                මොරන්කන්ද                        හලාවත                                   87
මහ ඔය                    රාක්ෂව කන්ද                       මිගමුවට උතුරින්                      78
මාදුරැ ඔය                 අකුරැගල කන්ද                      කල්කුඩා                                 86
ගල් ඔය                    හේවා එළිය                          මඩකලපුව                              62
මි ඔය                       කුඩා මඩගල කදු                   පුත්තලම                                 67
කුබුක්කන් ඔය          මඩොල් සිම කදු                   කුමන                                      70

Wednesday, December 6, 2017

සාමාන්‍ය දැනීම

අලුතින් ආරම්භ කරන ලද මෙම බ්ලොග් අඩවියෙන් ඉදිරියේදී ඉදිරිපත් කිරිමට නියමිත ලිපි පෙලක් ලෙස සාමාන්‍යා දැනිම හැදින්වි හැකිය.

මෙම ලිපි පෙල ඔබගේ ජිවිතයට විශේෂයෙන් පාසැල් දරුවන්ට හා තරඟ විභාග සඳහා ඉදිරිපත් වන අයට ඉතා වැදගත් වනු ඇත.

01. මාල දිවයිනේ අගනගරය හා ප්‍රධාන භාෂාව? මාලේ , Divehi භාෂාව

02. ලිබියානු හිටපු නායක ගඩාෆිගේ 42 වසරක රාජ්‍ය පාලනය අවසන් කළ, ලිබියානු විප්ලවය සිදු වූ වර්ෂය ? 2011

03.ලිබියාවේ අගනුවර : ට්‍රිපොලි

04  . ඉන්දියාවේ ප්‍රාන්ත : 29

05. ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තයේ නම ? තෙලන්ගානා (ආන්ද්‍රා ප්‍රදේශ් දෙකට බෙදීමෙන් )

06 . ඉන්දියාව හා පකිස්තානයේ දේශ සීමාවේ ගැටුම් පවතින ප්‍රදේශය? ජම්මු කාශ්මීරය

07 . ඉන්දියාවේ වත්මන් අගමැති ? නරේන්ද්‍ර සිං මොධි (15 වැනි අගමැති, භාරතීය ජනතා පක්ෂයෙන්)

08. 2014 හා 2016 වර්ෂ බ්‍රසීලයට වැදගත් වන්නේ ඇයි ? 2014:FIFA බ්‍රසීලය සත්කාරකත්වය, 2016 Olympic සත්කාරකත්වය.

09. NATO (The North Atlantic Treaty Organization, also called the North Atlantic Alliance) සංවිධානයට අයත් එකම මුස්ලිම් රට? තුර්කිය.

10. NATO ආරම්භ කළ වර්ෂය ? 1949

11. NATO මුලස්ථානය ? බෙල්ජියමේ , Brussels නුවර.

12. යුරෝපා සංගමයේ සාමාජික රටවල් ගණන කීයද ? 28 යි. අවසානයට ක්රොඑශියාව එක් විය.

13. යුරෝපා සංගමයේ සාමාජික රටවල් වලින් යුරෝ භාවිත කරන රටවල් ගණන කීයද? 19 යි .

14. යුරෝපා සංවිධානයේ ණය බර උග්‍ර වී ඇති රටවල් 4ක් : PIIGGS රටවල්. (Protugal, Italy, Ireland, Greece, Great Britain, Spain)

15 . බර්ලින් තාප්පය බිඳ වැටුණු වසර? 1989 (නොවැ 09)

16. ජර්මනියේ වත්මන් චාන්සලර්වරිය කව්ද? ඇන්ජෙලා මර්කල්

17. සමාජවාදය නියෝජනය කළ අවසන් සෝවියට් රාජ්‍ය නායකයා කව්ද ? මිහයෙල් ගොර්බචොෆ්

18. මිහයෙල් ගොර්බචොෆ් ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල කුමක්ද? Perestroika (Pre -restoration )
19. රුසියාවේ වත්මන් අගමැති හා ජනාධිපති ? දිමිත්‍රි මෙද්වදෙව් , ව්ලදිමියර් පුටින්

20. USA හා ජපාන අතර ආරක්ෂාව සම්බන්දයෙන් ගැටළු ඉස්මතු වූ දිවයින? ඔකිනාවා දූපත

21. නෙල්සන් මැන්ඩෙලා ගේ සම්පුර්ණ නම ? Nelson Rolihlahla Mandela

22.නෙල්සන් මැන්ඩෙලාට නොබෙල් සාම ත්‍යාගය හිමි වූ වසර? 1993

23. කාලයක් දකුණු අප්‍රිකාව පුරා ක්‍රියාත්මක වුනු වර්ණභේදවාදී ප්‍රතිපත්තිය හැදින්වූ නම? අපාර්තෙඉඩ්, Apartheid (Apart -hood )

24. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 193 වැනි සමාජිකයා ? දකුණු සුඩානය

25. දකුණු සුඩානයේ අගනුවර ? ජූබා 
.

Friday, December 1, 2017

මෙන්න තවත් ගිනස් වාර්තාවක්

අපි කියවමුද බ්ලොග් එකෙන් ලියන පළමු ලිපි පෙල ලෙස මෙන්න තවත් ගිනස් වාර්තාවක් කියන ලිපි පෙල හදුන්වා දෙනවා. ඒ කියන්නේ ලෝකේ ඉන්න අය එක එක දෙවල් වලින් ගිනස් වාර්තා තියන්න යනවනේ. එහෙම කියල සමහරක් අය එය සාර්තක කර ගන්නවා. සමහරක් අය ජිවිතේ පවා නැති කරගන්නවා. සමහරක් අය නා ගන්නවා. මේ ලගදි අපේ රටෙත් ඒහෙම වුනා මතක ඇතිනේ. අර සාරි පොටක්. සමහරක් ගිනස් වාර්තා ඉබේම අැති වෙනවා.

ඉතින් අපි මේ ලිපි පෙලින් කියන්න යන්නේ එහෙම සාර්ථක වුන ගිනස් වාර්තා ගැන.

 මුලින්ම කියන්න යන්නේ ලෝකේ ලොකුම chainsaw එක ගැන

1996 දී ඇමරිකා එක්සත් ජනපදයේ Moran Iron Works, Inc  විසින් 6.98 m (22 ft 11 in) දිග සහ උස 1.83m  (අඩි 6) ක්‍රියාකරි තත්වයේ ඇති chainsaw එකක් වේ.


අපි කියවමුද?

අපි කියවමුද?  ඔබ බලයි මොකක්ද මේ කියලා..අලුත් වැඩකට අත ගහන්න යන්නේ. අලුත් බ්ලෝග් එකක් හදන්න යන්නේ. අද 2017.12.01 වෙනිදා. අද ඉදන් ඔබට දැන්ම බෙදන විවිධ ලිපි සමග අපි හා එක්වෙන්න පුළුවන්..

ඉතින් දිගටම රැදී ඉන්න කියලා ආරාධනා කරන අතර, අපගේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස ආරාධනා කරනවා.

දැනුම පිරි ලොකයේ අළුත් විශේෂාංග ලිපි සමග ඉදිරියේදි හමුවෙමු.ඔබට ජය.